මාලදිවයිනේ පැවැත්වීමට සැලසුම් කර ඇති රජ්ය විරෝධී පෙළපාළි නැවැත්වීමේ අරමුණින් දින 30ක හදිසි තත්ත්වයක් රට තුළ ප්රකාශයට පත්කිරීමට එරට ජනපති කටයුතු කර තිබේ.
ජනපති අබ්දුල්ලා යමීන් විසින් ප්රකාශයට පත්කර ඇති හදිසි තත්ත්වය යටතේ රාජ්ය විරෝධී ක්රියාවල නිරත වන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශ වෙත හිමිවෙයි.
මාලදිවයින් ප්රධාන විපක්ෂය වන එම්.ඩී.පී. පක්ෂයේ ප්රධාන රැලියට දින දෙකකට පෙර මෙය ක්රියාත්මක කර තිබේ.
එම්.ඩී.පී. නායක මොහොමඩ් නෂීඩ් පසුගිය මාර්තු මාසයේදී අතුඩංගුවට ගෙන සිරගත කෙරුණේ ත්රස්ත විරෝධී නීතිය යටතේය.
මාලදිවයින් ජනාධිපතිවරයා ගමන්කළ බෝට්ටුවේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසුව රට තුළ මෙවැනි අරාජික තත්ත්වයක් ඇතිවෙමින් පවතින අතර, එරට උපජනාධිපතිවරයාවද අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.