යුරෝපයේ ඇතිවී තිබෙන සරණාගත අර්බුදයේදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල් විසින් ඉදිරිපත් කර ඇති සරණාගත ප්රතිපත්තියට එරෙහිව විශාල විරෝධයක් එරටින්ම ඇතිව තිබේ.
ඒ අනුව, ජර්මානු ජනතාවගෙන් 40% ක් පවසා සිටින්නේ මෙම ප්රතිපත්තිය මූලික කරගෙන චාන්සලර්වරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
පසුගිය වසරේදී ජර්මනිය තුළ විශාල ජනප්රියත්වයක් ඉසිලූ මාකෙල්, ලෝකයේද බලවත් නායිකාවක ලෙස පිදුම් ලැබුවාය.
කෙසේ වෙතත්, සරණාගත අර්බුදය හමුවේ මේ වනවිට ඇන්ජෙලා මාර්කෙල් වෙත දැඩි ප්රතිපත්තියක කටයුතු කිරීමට සිදුව තිබීමෙන් ඇයගේ ජනප්රියත්වය අඩුවෙමින් පවතින බව කියැවෙයි.