ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ලොව පුරා මවන මාධ්‍ය ආන්දෝලනය තුළ ඔහු පිළිබඳ වැරදි ආකල්පයක් හුවා දැක්වුණත්, ඔහුගේ දියණිය වන ඉවන්කාගේ නාමය යටතේ ඇති විලාසිතා නිෂ්පාදනවල අලෙවිය පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ ඇතැම් වෙළෙඳ සැල් ඇයගේ විලාසිතා වර්ජනය කරන බව පැවසුණත්, සැබෑ ලෙසම සිදුව ඇත්තේ ඇයගේ නිෂ්පාදනවල ඉල්ලුම ඉහළ යෑමක් බව මේ වනවිට අනාවරණය වෙයි.
ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ට්‍රම්ප්ට එරෙහිව ගිය ඇතැම් ඇමෙරිකානු මාධ්‍ය මෙන්ම, යුරෝපීය මාධ්‍ය සිය මාධ්‍ය යුද්ධයෙන් ට්‍රම්ප් පරාජය කිරීමට උත්සාහ කළත් තවමත් ට්‍රම්ප් ඔවුන් අභිභවා සිටින බව ඔප්පු වන අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.
විශේෂයෙන්ම, ලන්ඩන් නුවර මූලස්ථානය කරගත් විලාසිතා විකුණුම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Lyst තොරතුරු අනුව 2017 ජනවාරි -පෙබරවාරි කාලය තුළ එම විලාසිතා අලෙවිය 346% කින් ඉහළ ගොස් අතර, පසුගිය වසරේ අලෙවියේ සාමාන්‍යය සමග සාපේක්ෂකව බැලීමේදී මේ වසරේ අලෙවියේ 577% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ ඇතැම් වෙළෙඳ පොළවල් විසින් ඉවන්කා විලාසිතා සන්නාමය වර්ජනය කර ඇති වටපිටාවක මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ඉහළ ප්‍රතිචාරයක් ඉවන්කා විසින් දිනා ගත්තේ කෙසේද යන්න ගැන එම වෙබ් අඩවිය මවිතය පළ කරයි.