'මහා බාධක කොරල් පරය' සංරක්ෂණය කිරීම සඳහා වන ඔස්ට්‍රේලියානු ආණ්ඩුවේ දීර්ඝ කාලීන සැලැස්ම ප්‍රමාණවත් නොවන බව එරට ප්රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම්වලත් මණ්ඩලයක් විසින් පවසා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මධ්‍යම ආණ්ඩුවේ සහ ක්වීන්ස්ලන්ඩ් ආණ්ඩුවේ යෝජනා මගින් 'මහා බාධක කොරල් පරය' ක්ෂය වීම වැළැක්විය නොහැකි බව ඔස්ට්‍රේලියානු විද්‍යා ආයතනය අවධාරණය කර තිබේ.
එම යෝජනා මගින් කොරල් පරයට වර්තමානයේ සිදු වී ඇති හානියවත් අවම කළ නොහැකි බවද එම විද්‍යා ආයතනය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
අපවිත්‍ර ජලය, වෙරළාශ්‍රිත ඉදිකිරීම්, ධීවර කර්මාන්තය ඇතුළු දේශගුණ විපර්යාස යන සාධක වෙතින් කොරල් පරයට එල්ල වන දැඩි බලපෑමට ආණ්ඩුවේ යෝජනා මගින් ඵලදායී විසඳුම් නොලැබෙන බව විද්‍යාඥයෝ පවසති.