රාජ්‍යයන් හා සංවිධානාත්මක කණ්ඩායම් බොහෝවිට සමාජජාල හරහා සිදුකරන ප්රචාරක කටයුතු නිරීක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළකට ෆේස්බුක් සමාජජාලය සූදානම් වෙයි.
වැරදි පුවත්, වැරදි තොරතුරු හෝ මහජන මතය මෙහෙයවීම සඳහා හේතුවන ව්‍යාජ ගිණුම් ජාලයන් ෆේස්බුක් ජාලයේ පවතින බව ඔවුන් නිරීක්ෂණය කළ බව විශේෂ වාර්තාවකින් පෙන්වා දෙයි.
මෙවැනි ඇතැම් ගිණුම් සංවිධානාත්මකව හා ඉතා පුළුල් ලෙස මෙහෙයවීමක් සිදුවී ඇති බවද ඔවුන් පවසයි.
විශේෂයෙන්ම 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී මෙවැනි ව්‍යාජ ගිණුම් රැසක් බිහිවීමක් දක්නට ලැබුණු බව පවස ෆේස්බුක් ආයතනය පවසයි. කෙසේ වෙතත්, සමස්ත ෆේස්බුක් ජාලයම බැලීමේදී සංඛ්‍යාත්මකව මෙවැනි ක්‍රියා සුළු ප්‍රමණයක් බවද පවසා සිටියි.
මේ අතර, ප්‍රංශයේ මැතිවරණය පැවැත්වෙන සමයේදී එවැනි ව්‍යාජ ගිණුම් 30,000ක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ බවද පවසා සිටියි.