ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති වී තිබෙන ගංවතුර නිරීක්ෂණය කිරීමට ගිය මහ ඇමතිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ කර මතින් යන දසුන සම්බන්ධයෙන් එරට තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.
දණක් ගංවතුරේ බැස යෑමට නොහැකි මහ ඇමතිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔසවාගෙන යෑම සමාජජාල තුළ දැඩි දෝෂදර්ශනයට මෙන්ම, බොහෝ දෙනෙකුගේ සමච්චලයටද ලක්ව තිබේ.
මෝසම් වැසි ආරම්භ වීමත් සමග ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත ආශ්රිත ගංගාවන් පිටාර මට්ටමට පැමිණීම නිසා ගංවතුර තත්ත්ව හටගෙන ඇති අතර, මේ වනවිට මධ්‍ය ප්රදේශ්වල පමණක් ගංවතුර හේතුවෙන් ජීවිත හානි 17ක් සිදුව තිබේ.
මීට අමතරව, බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයන් 15,000ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව බලධාරීහු පවසති.
ඉන්දියාව තුළ මේ ආකාරයෙන් ගංවතුර තත්ත්වයන් සාමාන්‍ය සිද්ධියක් මෙන්ම, දේශපාලඥයන්ගේ මෙවැනි අමනෝඥ ක්‍රියාවන්ද සාමාන්‍ය සිද්ධීන් බව පැවසීමේ වරදක් නැත.
