ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඝාතනය කෙරුණු ඇෆ්ගන් තලේබාන් නායකයාව සිටි මුල්ලාහ් මන්සූර්ගෙන් හිස්වූ එම සංවිධානයේ නායත්වය සඳහා මවුලවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා පත් කිරීම සිදුකර තිබේ.
මෙම නව නායකයා පත්කිරීම එම සංවිධානය නිවේදනය කිරීමත් සමග හිටපු නායක මන්සූර්ගේ අභාවයද තලේබාන් සංවිධානය පිළිගැනීමක් සිදුව තිබේ.
එමෙන්ම, නව නායකයා පත්කිරීමේදී කිසිදු මතභේදයක් එම සංවිධානය තුළ හටගෙන නොමැති බවද වාර්තා වෙයි.
ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයෙකු වූ මවුලවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා ආගමික අධ්‍යාපනවේදියෙකු මෙන්ම, තලේබාන් අධිකරණයේ හිටපු නායකයාද වෙයි.
ඝාතනයට ලක්වූ මන්සූර්ගේ පාලන සමයේදී සාමසාකච්ඡාවලට වඩා ප්‍රහාර එල්ල කිරීම සඳහා තම සංවිධානය යොමු වූ බවක් දැකගත හැකි වූ අතර, ඔහු බලුකිස්තානය ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඩ්‍රෝන ප්‍රහාරයට ලක්විය.