මලාලා පාසල් අධ්‍යාපනය නිමා කරමින් ට්විටර් වෙත පා තබයි
තලේබාන් වෙඩි පහරින් ජීවිතය බේරාගෙන මේ වනවිට සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන පාකිස්තාන ජාතික මලාලා යූසුෆ්සායි පාසල් අධ්‍යාපනය නිමා කරමින් ට්විටර් සමාජජාලය සමග එක්වෙයි.
19 හැවිරිදි මලාලා සිය පාසල් අධ්‍යාපනය නිමා කළ පළමු වැනි දිනයේදීම සිය පළමු වැනි ට්විටර් පණිවුඩය නිකුත් කරමින් පවසන්නේ ඇයට සැප-දුක මිශ්‍ර හැඟීමක් ජනිත කරන බවයි.
අධ්‍යාපන හා නිසි තැන හිමි නොවීමෙන් දුක් විඳින මිලියන ගණනක් වූ තරුණියන් වෙනුවෙන් සිය හඬ අවදි කිරීමට කටයුතු කරන බව මලාලා වැඩිදුරටත් පවසා සිටියි.
මලාලා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මුලින්ම බ්ලොග් අඩවියක සිය අදහස් ප්‍රකාශ කරන විට ඇගේ වයස අවුරුදු 11කි.
කෙසේ වෙතත්, 2012 ඔක්තෝබර් මාසයේදී ඇයට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවන්නේද ඇය ආරම්භ කළ මෙම ව්‍යාපාරය නිසාය.
එවකට 15 හැවිරිදි මලාලා ගෝලීය මාතෘකාවක් බවට පත්වෙමින් ඇයට බ්‍රිතාන්‍යය තුළ ප්‍රතිකාර ලබාගැනීමට මෙන්ම, අධ්‍යාපන වරම්ද හිමිවන්නේ ඒ අනුවය.
ඒ අනුව, ඊයේ (07දා) පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව සිය ප්‍රථම ට්විටර් පණිවුඩය නිකුත් කරමින් යොවුන් වියේ මලාලා විසින් සමාජජාල භාවිතය පිළිබඳවද තාරුණ්‍යයට අලුත් අර්ථ කථනයක් හා සංයමයක් පිළිබඳව කියා දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

