මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් වෛරසය ශරීරගත වූවෙකු තායිලන්තයෙන් සොයාගෙන තිබේ.
ඔහු මෙම වෛරසය ආසාධිත ප්‍රථම තායිලන්ත වැසියා බව එරට සෞඛ්‍ය අංශ පවසන අතර, මේ වනවිට දකුණු කොරියාව තුළ පැතිර යන මර්ස් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පුද්ගලයා මේ වනවිට බැංකොක් නුවරින් බැහැර නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහුගේ නම තහවුරු කර නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.
ඕමානයේ සිට පැමිණි වයස අවුරුදු 75ක් පමණ වන මෙම පුද්ගලයා සමග මේ වනවිට පුද්ගලයන් 60 දෙනෙකු පමණ ඇසුරු කර ඇති බවට එරට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.