මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ නොනැවතී සිදුවෙමින් පවතින මනුෂ්‍ය ඝාතන හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුකරවීම පිණිස සියලු දේ කරන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් අවධාරණය කර තිබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජය සම්බන්ධ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් බ්‍රසල්ස් නුවර පැවති යුරෝපීය හා අප්‍රිකානු නායකයන් සහභාගී වූ විශේෂ හමුවකදී මහලේකම්වරයා මෙසේ පවසා සිටියේය.
මනුෂ්‍ය ඝාතනය නැවැත්වීමටත්, පරම්පරා ගණනාවක් එක්ව සිටි ජාතීන් තව දුරටත් බෙදා වෙන්කිරීම නැවැත්වීමටත් සෙසු රාජ්‍යයන් විසින් කඩිනමින් ක්‍රියාකළ යුතුව ඇති බවද මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිත ආයතනය පවසන්නේ ක්‍රිස්තියානි සන්නද්ධ කරුවන් විසින් පළවා හරිනු ලැබූ 19,000ක් වන මධ්‍යම අප්‍රිකානු මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම පිණිස උත්සාහ ගනිමින් සිටින බවයි.