ලිබියාවට ආසන්න මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීම නිසා පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, යුරෝපා සංගමයට අයත් යාත්‍රා පැමිණීම හේතුවෙන් තවත් 50කට ආසන්න පිරිසක් බේරාගැනීමට හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
නාවුක සැතපුම් 35ක් පමණ ඔබ්බෙන් මුහුදේ වූ මෙම අනතුරට පත් යාත්‍රාව ආසන්නයට යුරෝපා සංගම් කාර්ය සාධක බලකා නෞකා මෙන්ම, ඉතාලි වෙරළාරක්ෂක බලකා නෞකාවන්ද වහාම පැමිණීම හේතුවෙන් මෙසේ ජීවිත හානි අවම කරගැනීමට හැකිව තිබේ.
ගුවන් යානයක් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම ජීවිත බේරාගැනීමේ මෙහෙයුම සිදුව තිබුණි.
එමෙන්ම, ඊයේ (25දා) ද සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් පසුව ඉතාලි වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයන් 562 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබුණි.