යුරෝපා සංගමයේ ගිවිසුමකට අනුව එළැඹෙන ශීත සෘතුව පුරා යුක්රේනය වෙත ගෑස් සැපයීමට රුසියාව එකඟ වී ඇති බව වාර්තා වෙයි.
මෙම ගිවිසුම හරහා යුක්රේනය හරහා යුරෝපා සංගමයේ රටවල් වෙතද රුසියාවෙන් ගෑස් සැපයීම සිදු කෙරනු ඇති බව කියැවෙයි.
"මේ ගිවිසුම නිසා මේ සීත සෘතුවේදී යුරෝපීය ජනතාවට සීතලෙන් වෙවුලන්න වෙන එකක් නැහැ" යනුවෙන් යුරෝපා කොමිසමේ සභාපති ජෝසේ මැනුඑල් බරෝසා පවසා තිබේ.
යුරෝපා සංගමයේ බලශක්ති ප්රධානීයා පවසන්නේ යුක්රේනය විසින් ලබාගත් ගෑස් වෙනුවෙන් ගෙවීම් කිරීමට තරම් ශක්තියක් ඔවුන්ට පවතින බවයි.
එමෙන්ම, මෙම ගිවිසුම නැගෙනහිර යුක්රේනයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත්කිරීමේ පියවරක්ද වනු ඇති බවයි.