සෞදි අරාබියේ, මක්කමදී වාර්ෂික පැවැත්වෙන හජ් වන්දනාව මෙවරත් ආරම්භ වී තිබුණත්, මෙවර හඳුන්වා දුන් විද්යුත් වීසා ක්රමය හේතුවෙන් හැත්තෑ දහසකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් වීසා ලබාගැනීමට නොහැකිව බංග්ලාදේශයේ සිරවී සිටින බව වාර්තා වේ.
මෙම විද්යුත් වීසා ක්රමවේදයේදී විසා ලබාදීමේ යම් ප්රමාදයක් පැවතීමත්, හජ් වන්දනා සංවිධානය කරන සංචාරක ආයතන ඊට සූදානමින් නොසිටීමත් නිසා ආකාරයෙන් ඩකා අගනුවර විශාල පිරිසකට සෞදියට ඇතුළු වීමට නොහැකිව සිටින බව කියැවෙයි.
එමෙන්ම, මෙවර වන්දනාවේදී සංචාරක ආයතනවලින් අයකෙරෙන ගාස්තු ඉහළ දැමීමටද සෞදි අරාබිය මෙවර පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ නිසා, එම මුදල් වන්දනාකරුවන්ගෙන් අයකර ගැනීමට නොහැකි වී ඇති බවටත් සංචාරක ආයතන මැසිවිලි නඟති.