බෝම්බ බියකින් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක
එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයට අයත් යානයක වැසිකිලියක් තුළ බෝම්බයක් ඇතැයි යන අනියත බියෙන්, එම යානය කෙන්යාව වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි මෙම සිදුවීම සිදුවන විට බෝයිං 777 වර්ගයේ යානය මුරුසියේ සිට පැරීසිය දක්වා පියාසර කරමින් තිබී ඇත.
එහිදී, අදාළ යානය මොම්බාසා ගුවන් තොටුපොළ වෙත මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර, පසුව එහි සිටි මගීන් වහාම යානයෙන් ඉවත් කර යානය දැඩි සෝදිසියකට ලක්කරමින් සැකකටයුතු පාර්සලය යානයෙන් පිටතට ගෙනවිත් තිබේ.
එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයේ ප්රධානියා පසුව පවසා සිටියේ කොළ කැබලි හා වේලා මාපයක් සමග වූ පෙට්ටියක් පමණක් එම පාර්සලයේ තිබූ බවයි.
කෙසේ වෙතත්, මෙය හිතාමතා සිදුකළ ආක්රමණකාරී සිදුවීමක් බවද ඔහු අවධාරණය කළේය.
මගීන් 459ක් සහ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු රැගත් මෙම යානය මුරුසියේ සිට පැරීසියේ චාල්ස් ඩි ගුවෙල් ගුව්න තොටුපොළ වෙත ළඟාවීමට නියමිතව තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

