අප්‍රිකා මහද්වීපයේ, බොට්ස්වානා රාජ්‍යයේ, ගබෝර්න් අගනුවර බෞද්ධ විහාරයේ තැන්පත් කර තිබූ තඹවලින් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ සොරාගෙන ගොස් ඇති බව එරට පොලීසිය පවසයි.
ටොන් භාගයක් පමණ බර මෙම දැවැන්ත පිළිමය කිහිප දෙනෙකුගේ උත්සාහයක් නොමැතිව ඔසවාගෙන යාමට නොහැකි නිසා මෙය සංවිධානාත්මක සොර කණ්ඩායමක් විසින් පැහැරගෙන යන්නට ඇති බවටද සැකයක් පවතී.
අඩි 5ක් පමණ උස මෙම අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්ෂ 1996 දී තායිලන්තයෙන් පූජා කළ පිළිමයකි.
වර්ෂ 1975දී ආරම්භ කළ බොට්ස්වානා බෞද්ධ විහාරය මීට පෙරත් සොරුන්ගේ ගොදුරක් බවට පත්ව ඇති අතර, එවරද කුඩා බුදු පිළිම වහන්සේ නමක් සොරාගෙන තිබූ බව සඳහන් වෙයි.
මෙම දර්ශනීය පිළිම වහන්සේ රනින් කළ එකක් යැයි සිතා වරදවා වටහාගෙන මෙම සොරකම සිදුකරන්නට ඇතැයි යන්න සිතුවද, තඹයෙන් නිර්මිත පිළිම වහන්සේ පවා ඇ.ඩො.24,500ක් හෙවත් ආසන්න වශයෙන් රු.ලක්ෂ 37ක් පමණ වටිනා බව කියැවෙයි. ඒ නිසා මෙය සෑබෑ ලෙසම රන් පිළිමයක් යැයි සිතා වරදවා වටහා ගැනීමක් නොව, එහි නිමය වටිනාකම දැන සිදුකළ සොරකමක් විය හැකි බවද පොලීසිය විශ්වාස කරයි.