නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් හමු වූ පාකිස්තාන ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි, බොකො හරාම් ත්රස්තයන් පැහැර ගැනුණු නයිජීරියානු පාසල් දැරියන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් බලකර සිටි බව විදෙස් පුවත් සේවා පවසයි.
බොකෝ හරාම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම විසින් පසුගිය අප්‍රේල් මාසයේදී 200කට අධික පාසල් දැරියන් පිරිසක් පැහැරගනු ලැබිණි.
එසේ පැහැර ගැනුණු පාසල් දැරියන්ගේ ඥාතීන් හමු වූ මාලාලා යූසුෆ්සායි කියා සිටියේ තමන් සැම විටම ඔවුන් සමග සිටින බවයි.
මේ අතර දැරියන් නිදහස් කර ගැනීමට බල කරමින් 'අපේ දැරියන් නැවත ගෙන දෙන්න' නමින් සමාජ මාධ්‍ය ජාල තුල ගෙන යන ව්‍යාපාරය හාස්‍යයට ලක් කරමින් බොකෝ හරාම් සංවිධානය වීඩියෝ පටයක් නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.
බන්ධනාගාර ගත කර සිටින බොකෝ හරාම් සටන්කරුවන් හා පාසල් දැරිවියන් හුවමාරු කර ගැනීමට කර ඇති යෝජනාව පිළිබඳව එම වීඩියෝ පටයේ අවධාරණය කොට ඇති අතර, ඒ සඳහා සටන්කරුවන් යොදාගෙන ඇති පාඨය 'අපේ සටන්කරුවන් නැවත ගෙන දෙන්න' යන්නයි.