බොකෝ හරාම් ජිහාඩ් ත්රස්තයන් විසින් පසුගියදා නයිජීරියාවේ දැරියන් පිරිසක් පැහැර ගැනීම, වර්ෂ 2014 දී එම සංවිධානය සිදුකළ චිබොක් දැරියන් පැහැරගැනීමේ සිදුවීමට සමාන බව කියයි.
ත්රස්තයන් විසින් මෙසේ පැහැර ගනු ලැබූ 14 හැවිරිදි දැරියකගේ පියා එරට රජයෙන් අයැද සිටියේ හැකි ඉක්මණින් තම දියණියන් ගෙනැවිත් දෙන ලෙසය.
"මේ ත්රස්තවාදීන් සමග අපේ දරුවන් බොහෝ කාලයක් රඳවා තබන්න අපිට පුළුවන්කමක් නෑ. ඔවුන්ට මෙනවා වෙයිද කියල කවුද දන්නෙ..." කචල්ලා බුක්රා නැමති මෙම පියා පවසා තිබුණි.
ඊසානදිග යෝබේ පළාතේ පාසලකට කඩා වැදුණු ජිහාඩ් ත්රස්තයන් විසින් මෙම දැරියන් පැහැගෙන ගොස් තිබුණේ පසුගිය පෙබරවාරි 19 වැනිදාය.
බොකෝ හරාම් ත්රස්තයන් විසින් මීට පෙර තම ග්රහණයට ගනු ලැබූ දැරියන් බොහෝ දෙනෙකු පසුව පැමිණියේ ත්රස්තයන්ට දාව දරුවන්ද රැගෙනය.