නයිජීරියාවේ ඉස්ලාමීය අන්තවාදීන් ත්‍රස්ත සංවිධානය වන බොකෝ හරාම් ත්රස්තයන් ඊසානදිග නයිජීරියාවේ බාමා නගරයේ බලය අල්ලාගෙන ඇති බව පැවසෙයි.
නගරයේ ජනතාවගෙන් ලැබෙන තොරතුරුවලට අනුව රජයේ හමුදා සමග දරුණු සටනක නිරත වූ බොකෝ හරාම් ත්රස්තයන් හමුදාව පලවා හැරීමට සමත්ව ඇති අතර, හමුදාව සමග සාමාන්‍ය වැසියන්ද දහස් ගණනින් බාමා නගරය අත්හැර දමා ගොස් ඇති බව කියැවෙයි.
බොර්නෝ ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වන බාමා නගරයේ බිඳ වැටීමක් ගැන එසේ වාර්තා වුවත් නයිජීරියානු ආරක්ෂක අංශ පවසන්නේ නගරයේ බලය තවමත් සම්පූර්ණයෙන් බිඳ වැටී නැති බවයි.
ඊසානදිග නයිජීරියාවේ නගර යා කරමින් තමන් ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකළ බව පසුගිය මාසයේදී බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය නිවේදනයක් කළ අතර, ඔවුන්ගේ අන්තවාදී ක්‍රියා හේතුවෙන් මේ වනවිට නයිජීරියානු ජීවිත දහස් ගණනින් අහිමි වී තිබේ.