නැගෙනහිර ඉන්දියාවේ ජීවත් වන භාරමාරම්බා බුදාති යකඩ ගැහැනියක් කිව්වොත් වැරදි නෑ. ඇය තම ස්වාමි පුරුෂයා සමග ජීවිතයත් මරණයත් අතර විජ්ජාවන් පෙන්වන්නේ බලා සිටින්නන් මවිතයට පත්කරමිනුයි.
39 වැනි වියෙහි පසවුන භාරමාරම්බා දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඒත් ඇය පවසන්නේ තමන් ශක්තිවන්ත ගැහැණියක බවයි. සිය බෙල්ල මත හෝ උදරය මත තැබූ උළුකැට කුළු ගෙඩියකින් ගසා කඩා දැමීම, ටියුබ්ලයිට් හෝ අයිස් කුට්ටිවලින් පහරකමින් ඒවා කඩා දැමීම ආදී වූ තම ශක්තිය පෙන්වන ඕනෑම ක්‍රියාවකට ඇය නොබියව ඉදිරිපත් වෙනවා.
ඒත් මේ ගැමි කාන්තාවගේ අයෝමය ශක්තිම පිටුපස තවත් අයෝමය ශක්තියක් පවතිනවා. ඒ ඇයගේ ස්වාමි පුරුෂයා වූ බාලශංකර් බුදාතියි. ඇය මුහුණ දෙන සෑම අභියෝගාත්මක ක්‍රියාවකදීම කුළුගෙඩියෙන් පහරදීම හෝ ටියුබ්ලයිට්වලින් දමාගැසීම වැනි දේ කරන්නේ ඔහු විසිනුයි.
තාසය හා කුතුහලය පිරි මේ ක්‍රියා අතරතුර ඇය ජීවිතයත් මරණයත් අතර සිදුකරන විශේෂ ස්ටන්ට් ක්‍රියාවක් වන්නේ බෙල්ල මත තැබූ පොල්ගෙඩියක් කැත්තකින් ගසා බිඳ දැමීමයි. පොල් ගෙඩිය දෙබෑවි යන ලෙස කැති පහර වදින තුරු ඇය නිසොල්මනේ බලා සිටින්නේ, තම ස්වාමියාගේ දෑත මත සම්පූර්ණ විශ්වාසය තබමිනුයි.
කෙසේ වෙතත් අද ඇය අන්ද්‍රා ප්‍රදේශ් කලාපය පුරාම ජනප්‍රිය චරිතයක් කිව්වොත් නිවැරදියි. ග්‍රාමීය ප්‍රදේශ වෙත ගොස් තමන්ගේ දක්ෂතා පෙන්වමින් එකතු කරගන්නා සොච්චම් මුදල, සිය ජීවිත සරිකර ගැනීමට හොඳටම ප්‍රමාණවත් බව භාරමාරම්බා වගේම බාලශංකර් පවසනවා.