බෙල්ජියමේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් නවදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
හෙර්මල්ලේ-සෝස්-හියු නගරයට ආසන්නව මගී දුම්රියක් තවත් භාණ්ඩ දුම්රියක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එම දුම්රිය ඉතා වේගයෙන් ගමන් කර ඇති බවද කියයි.
එමෙන්ම, අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකම එකම පීල්ලේ තිබී ඇති අතර, මේ සම්බන්ධයෙන් දුම්රිය අංශ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.