බුර්කිනා ෆාසෝ හි ඔගඩුගු අගනුවර සිදුවූ ජිහාඩ් ත්රස්ත ප්රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අගනුවර අවන්හලක් ඉදිරිපිට වාඩිවී සිටි පාරිභෝගිකයන් පිරිසක් වෙත ත්රස්තවාදීන් විවෘත වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තුර්කි ජාතිකයෙකු ජීවිතක්ෂයට ඇති බවද වාර්තා වෙයි.
මේ වනවිට ත්රස්ත ප්රහාරය පාලනය කරමින්, ප්රහාරයට පැමිණි ත්රස්තවාදීන් දෙදෙනා මරා දැමීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
මේ ආකාරයේම ජිහාඩ් ත්රස්ත ප්රහාරයක් ජනවාරි මාසයේදීද බුර්කිනා ෆාසෝ අගනුවර සිදුවූ අතර, එහිදී පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙම ත්රස්ත ප්රහාර මාලාව අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ ජිහාඩ් ත්රස්තයන්ගේ ප්රහාරයක් බවට සැකකෙරෙයි.