සමාජජාල අඩවි තුළ ජස්ටින් බීබර් ලෙස පෙනී සිටිමින් බාල වයස්කාර දරුවන් තිදෙනෙකු දූෂණය කර තවත් සිය ගණනක් විවිධ අපයෝජනයන්ට ලක්කළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
42 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාට එරෙහිව ළමා අපචාර චෝදනා 900කට වඩා ගොනුවී තිබෙන අතර, ඔහු අන්තර්ජාලය තුළ බීබර් ලෙස පෙනී සිට බාලවයස්කාර දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවද සඳහන් වෙයි.
ඔහුට එරෙහිව පවතින චෝදනා 931න්, දූෂණය කිරීමේ චෝදනා 3ක්, මෙන්ම බාල වයස්කාරියන් අපයෝජනයට ලක්කළ සිදුවීම් 157ක් ලොව පුරා රටවලින් වාරතා වන බවද ක්වින්ස්ලන්ත පොලීසිය පවසයි.
මෙය අතිශය භයානක සිදුවීමක් ලෙස පෙන්වාදෙන එම පොලීසිය දරුවන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ට මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් තම දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස අවවාද කර තිබේ.