උදෑසන 9.00 සිට සවස 6.00 වනතුරු ආහාර පිසිම සඳහා නිවාසවල ආහාර පිසීමෙන් වළකින ලෙස උතුරුදිග ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්ත බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
එම ප්‍රාන්තයේ, ආපදා කළමනාකරණ බලධාරීන් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ මේ දිනවල එම ප්‍රදේශයේ පවතින දැඩි ග්‍රීෂ්ම කාලගුණික තත්ත්වය වහා ගිනි අවුලුවන සුළු පරිසරයක් මවා ඇති නිසාය.
එමෙන්ම, වගා භූමි ගිනි තැබීම මෙන්ම, ආගමික උත්සව වෙනුවෙන් ගිනි මැල ගැසීමද එම ප්‍රාන්තය තුළ තහනම් කර තිබේ.
ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශ මත මෙම උපදෙස් ලබාදී ඇත්තේ, පසුගිය මාසයක කාලය තුළ ගිනි ගැනීම් හේතුවෙන් ප්‍රාන්ත වැසියන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති නිසාය.
ඉන්දියාවට මේ දිනවල පවතින අධික ග්‍රීෂ්ම කාලගුණයෙන් දැඩිව පීඩා විඳින ප්‍රාන්තයක් ලෙස බිහාර් සැලකෙන අතර, මෙම ප්‍රාන්තයේ සෙල්සියස් අංශක 40 ඉක්මවන උණුසුම් වා දහරා පවතින බවද කියැවෙයි.