තුර්කි ගුවන් හමුදාව විසින් රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළීමෙන් පසුව අතුරුදන් වූ එම යානයේ නියමුවා තම විශේෂ බළකා යොදා සිදුකළ පැය 12ක මෙහෙයුමකින් පසුව මුදාගත් බව රුසියාව කියයි.
සිරියාවේ පිහිටි රුසියානු ගුවන් හමුදා කඳවුර නිවේදනය කළේ නියමුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ සහායක නියමුවා මෙන්ම, මෙම ඔවුන් මුදාගැනීම සඳහා සිදුකළ හෙලිකොප්ටර් මෙහෙයුමේදී මැරීන් භටයෙකුද ජීවිතක්ෂයට පත්වූහ.
මෙම යානය තම ගුවන් සීමා උල්ලංඝනය කළ බව තුර්කිය කියා සිටියත් රුසියාව එය තරයේ ප්‍රතික්ෂේප කරයි.
සහායක නියමුවා පැරෂුටයක් ආධාරයෙන් ගොඩබිමට පැමිණෙන විට සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්, මේ තත්ත්වයත් සමග රුසියාව හා තුර්කිය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය මෙන්ම ඇමෙරිකාවද සියලු පාර්ශ්වයන්ට සන්සුන් වන ලෙස ඉල්ලීමක් කර තිබේ.