අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩ්න් සිටින ස්ථානය නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඇමෙරිකාවට හොර රහසින් සහාය දීම හේතුවෙන් දඬුවම් ලබා සිටින වෛද්‍යවරයාගේ දඬුවම් කාලය වසර 10කින් අඩු කිරීමට පාකිස්තාන අධිකරණයක් තීරණය කර තිබේ.
ඇබ්බොට්ටාබාද් හි ඔසාමා බින් ලාඩ්න් පැහැදිලිවම සිටින බව තහවුරු කරගැනීම සඳහා ෂකී අෆ්රිඩී නමැති මෙම වෛද්‍යවරයා විසින් ව්‍යාජ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවට චෝදනා කරමින් ඔහු වරදකරු කෙරිණි.
ඒ අනුව, වසර 33 ක සිරදඬුවමක් මෙම වෙද්‍යවරයාට නියම කෙරිණි.
අමෙරිකානු සීල් භටයන් විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් බින් ලාඩ්න් මරා දැමුණු අතර, මෙය පාකිස්තානයටද නොදන්වා ඇමෙරිකාව විසින් සිදුකරන ලද සුවිශේෂී මෙහෙයුමක් විය.
කෙසේ වෙතත්, අෆ්රිඩීට එරෙහිව පැනවී තිබූ වසර 33 ක සිර දඬුවම් වසර 10කින් අඩු කිරීමට පාකිස්තාන අධිකරණයක් තීරණය කර තිබෙන්නේ ඇමෙරිකානු රජයේ සහ ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරයාගේ ඥාතීන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව බවද කියැවෙයි.