මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ස්ථාපිත ලෝක ප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ සිදුකරන විශේෂ ප්රතිසංස්කරණයක් හේතුවෙන් ලබන අගෝස්තු 21දා සිට වසර 4ක කාලයක් එය නිහඬ වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ස්මාරකයක් බඳු ඔරලෝසුවේ 19 වැනි ශතවර්ෂයට අයත් සුවිසල් ඝන්ඨාරයක් ඇති අතර, එය සෑම පැයකට වරක්ම ලන්ඩන් නගරය පුරා ගිගුම් නංවමින් නාද වෙයි. ටොන් 13.7ක් බරින් යුතු ග්‍රේට් බෙල් හෙවත් බිග්බෙන් හි සෑම විනාඩි 15කට වරක් කුඩා ඝන්ඨාර නාද වීමක්ද සිදුවෙයි.
කෙසේ වෙතත්, මෙම ඔරලෝසුවේ අලුත් වැඩියා කටයුතු ආරම්භ වීම හේතුවෙන් සිදුවන අවසන් නාදවීම අගෝස්තු 21 වැනිදා දහවල් 12.00 ට සිදුවනු ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.