අයි.එස්. ඉස්ලාම් ත්රස්තයන් විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැවති පාපන්දු තරගයක් ඉලක්ක කරමින් එල්ල කර ඇති මරාගෙන මැරෙන ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 71 දෙනෙකු තුවාල ලබා තිබේ.
බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 40ක් පමණ දකුණින් සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් සහයෝගයෙන් ජීවත්වන පරිසරයක මෙම බෝම්බ ප්රහාරය එල්ල වී ඇත.
ඉරාකයේ උතුරු හා බටහිර ප්රදේශවල බලය පතුරුතවන ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ඉරාකය තුළ වරින් වර මෙවැනි මරාගෙන මැරෙන ප්රහාර එල්ල කරන අතර, මෙම මස මුලදී හයිලා ප්රදේශයේ එල්ල කරන ලද ප්රහාරයකින් තවත් පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට පත්වූහ. එය ඉන්ධන පිරවූ ලොරියක් ආරක්ෂක මුරකපොල්ලකට කඩා වැදීමෙන් සිදුකළ මරාගෙන මැරෙන ප්රහාරයක් ලෙස වාර්තා විය.