ඇමෙරිකාවේ, ඕක්ලහෝමා නගරයේ බැංකුවක් පුපුරුවා හැරීමට සැලසුම් කළ 23 හැවිරිදි තරුණයෙකු අත්අංඩංගුවට ගත් බව FBI ආයතනය පවසයි.
ජෙරී ඩ්‍රේක් වෝර්නෙල් පාපොච්චාරණය කර තිබුණේ තම ක්‍රියාව හේතුවෙන් ඇමෙරිකානු රජය අස්ථාවර වී නව විප්ලවයක් ආරම්භ කිරීමට මග පෑදෙනු ඇතැයි යන්න තම ඒකායන විශ්වාසය බවයි.
'ෆයිට් ක්ලබ්' චිත්‍රපටය මෙන්ම වර්ෂ 1995 දී ඕක්ලහෝමා නගරයේ පුපුරාගිය බෝම්බය මෙම ප්‍රහාර සැලසුම කෙරෙහි තමා උද්දීපනය කළ සිදුවීමක් බව අත්අඩංඩගුවට පත් වෝර්නෙල් පවසා තිබේ.
ඒ අනුව, කාර්ගෝ වෑන් රථයක් පැහැරගෙන, රාත්තල් 1,000ක පුපුරණ ද්‍රව්‍ය එම රථයට පටවා, ඕක්ලහෝමා නගරයේ බැන්ක්ෆස්ට් බැංකුව වෙත පසුගිය 12 වැනිදා එම ප්‍රහාරය දියත් කිරීම ඔහුගේ සැලසුම වී තිබේ.