බාසිලෝනා අගනුවර පදිකයන් වෙත වෑන් රථයක් ධාවනය කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන සැකකරු හෙවත් රථයේ රියදුරු වෙඩි තබා ඝාතනය කළ බව ස්පාඤ්ඤ පොලීසිය පවසයි.
ස්පාඤ්ඤයේ, බාසිලෝනා නගරයට බටහිරින් වූ සබිරේට්ස් හිදී සිදුවූ මෙම වෙඩි තැබීමේදී ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු යැයි මුලින් පැවසුණත්, පසුව ඔහු 22 හැවිරිදි යුනීස් අබවුයාකූබ් හෙවත් ප්‍රධාන සැකකරු ලෙස තහවුරු කරගෙන තිබුණි.
පසුගිය 17දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
පොලීසියට කොටුවූ අවස්ථාවේදී ඔහු ව්‍යාජ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයකින් සැරසී සිටි බවත්, 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑමොර දී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මිදි වත්තක සැඟව සිටි මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතුණු ඉන්ධන පිරවුම්හල් සේවකයෙකු විසින් වහාම පොලිසිය වෙත සිදුකළ දැනුම්දීමකින් මෙම පුද්ගලයා මරා දැමීමට හැකිවී තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුගේ ශරීරයේ බැඳ සිටි ව්‍යාජ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය පරීක්ෂා කිරීමට ස්පාඤ්ඤ පොලීසිය විසින් රොබෝ බෝම්බ නිශ්ක්‍රිය යන්ත්‍රයක් යොදාගෙන තිබුණු බවද විදෙස් වාර්තා පවසයි.