බාසිලෝනා අගනුවර පදිකයන් වෙත වෑන් රථයක් ධාවනය කරමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සැකකරු සොයා සිදුකළ මෙහෙයුමේදී මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැළඳ සිටි බවට සැකකළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ස්පාඤ්ඤයේ, බාසිලෝනා නගරයට බටහිරින් වූ සබිරේට්ස් හිදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
මීට පෙර ස්පාඤ්ඤ පෝලීසිය පවසා තිබුණේ මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන වෑන් රථයේ රියදුරාගේ අනන්‍යතාව තහවුරු කරගත් බවයි.
ඔහු 22 හැවිරිදි යුනීස් අබවුයාකූබ් ලෙස තහවුරු කරගෙන තිබූ අතර, 17දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ඇතැම් ස්පාඤ්ඤ මාධ්‍ය විසින් මෙම වෙඩි තැබීමෙන් අබවුයාකූබ් ඝාතනය වූ බව තහවුරු කළත්, ස්පාඤ්ඤ බලධාරීන් එය නිල වශයෙන් තහවුරු කර නොතිබුණි.
එහිදී, පොලීස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සැකකරු 'අල්ලාහු අක්බර්' යනුවෙන් කෑමොර දී ඇති බවද ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කර තිබුණි.