ස්පාඤ්ඤයේ, බාසිලෝනා ප්‍රහාරය සම්බන්ධයෙන් 18 හැවිරිදි මොවුස්සා ඔවුක්බර් අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය මෙහෙයුම් දියත් කරමින් සිටියි.
ඊයේ (18දා) සිදුවූ වෑන් රථ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර ඇති මොහුගේ වැඩිහමල් සෙහොයුරු අත්අඩංගුවට ගැනීමත් සමග මොහු අත්අඩංගුවට ගැනීමේ දඩයම පොලීසිය අරඹා තිබේ.
ඔහු සිය සොහොයුරාගේ ලියකියවිලි යොදා ගනිමින් ප්‍රහාරයට යොදාගත් වෑන් රථය කුලියට ලබාගෙන ඇති බවද විශ්වාස කෙරෙයි.
පුද්ගලයන් 13 දෙනෙකුට මර කැඳවමින් තවත් 100කට ආසන්න පිරිසකට තුවාල සිදුකළ එම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගනු ලැබීය.
මේ අතර, එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව කැම්බ්රිල්ස් හි සිදුවූ තවත් කාර් රථ ප්‍රහාරයක් දියත් කළ ජිහාඩ් සැකකකරුවන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ස්පාඤ්ඤ ආරක්ෂක අංශ ක්‍රියා කළේය.
පොලිසිය ඉදිරිපිට කෑමොර දෙමින් පැමිණෙන ජිහාඩ් ත්‍රස්තයෙකුට ස්පාඤ්ඤ පොලීසිය වෙඩි තබන ආකාරය මෙන්ම, පසුව යළි නැගිට ඉදිරියට පැමිණෙන ඔහු වෙත තවත් වෙඩි පහර එල්ල කරමින් ඔහු බිම හෙළන දසුන් විදෙස් මාධ්‍යවල දැකිය හැකි විය.
යුරෝපය පුරා ඇති වූ ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා මේ වනවිට උත්සන්න වී ඇති අතර, යුරෝපයේ සංචාරක පාරාදීසයන් බවට පත්වූ ප්‍රංශය, ජර්මනිය මෙන්ම මේ වනවිට ස්පාඤ්ඤය පවා රතු තිත් තැබිය යුතු අවදානම් කලාප බවට පත්ව තිබේ.
ඉස්ලාම් ත්රස්තයන් ලද ඇසිලේලෙන් තම ලබ්ධියෙන් බාහිර නිරායුද මිනිසුන් ඝාතනය කිරීමේ ම්ලේච්ඡ හස්තය දිගුකර ඇති අතර, ඔවුන් ඒ සඳහා යුරෝපීය රටවල වෙසෙන මුස්ලිම් තරුණයන් හුදකලා වෘක්කයන් ලෙස යොදාගැනීම තත්ත්වය වඩාත් භයානක අතට හරවා තිබේ.