බාල අපරාධයකට නතුව පසුගිය මාසයේදී කුඩා බිළිඳියක ප්‍රසූත කළ 10 හැවිරිදි ඉන්දීය දැරිය අතරවරයට පත්වූයේ යැයි කියන ඇයගේ මාමා සහ බිළිඳාගේ ඩී.එන්.ඒ. දත්ත සමාන නොවීමෙන් එම නඩුව වෙනත් මගක් ගෙන තිබේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැරියගේ කලලය ඉවත් කිරීමට අවසර නොදීම නිසා ඇය පසුගිය මාසයේදී කුඩා බිළිඳියක ප්‍රසූත කර තිබුණි.
තමා ගැබ්ගෙන ඇති බව නොදත් මෙම දැරිය තමාගේ බඩේ විශාල කැක්කුමක් හා බරක් දැනෙන බව වැඩිහිටියන්ට දැන්වීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී ඇය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, මෙම බාල අපරාධයක් බව සැකකරමින්, 40 වැනි වියෙහි පසුවන ඇයගේ මාමා කෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන විශේෂ අධිකරණයකට යොමුකරමින් නඩු අසා තිබේ. මේ වනවිට එම පුද්ගලයා බන්ධනාගාරගතව සිටින අතර, ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ඇති බවද කියැවෙයි.
ඒ අනුව, අලුත උපන් දරුවාගේ සහ බන්ධනාගාරගතව සිටින මාමාගේ ඩී.එන්.ඒ. දත්ත පරීක්ෂා කිරීමට අධිකරණය නියෝග කර ඇති අතර, එම පරීක්ෂාවේදී එම දත්ත නොගැලපීමෙන් දැරිය තවත් අය අතින් අතවරයට පත්වූයේදැයි යන පැනය අධිකරණය හමුවට පැමිණ ඇත.
මේ අතර දැරියගේ පියා මීට පෙර පවසා තිබුණේ මෙම චෝදනාවට ලක්වූ පුද්ගලයා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප නොකළ බවයි.