බ්‍රෙක්සිට් හෙවත් මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම නිල වශයෙන් ආරම්භ කෙරෙන ලියවිල්ලට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අද (29දා) අත්සන් තැබීය.
මෙම ක්‍රියාදාමය හෙවත් ආටිකල් 50 සඳහා වූ නිල නිවේදනය යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත පසුව ලබාදීමට නියමිතව ඇත.
අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ තෙරේසා මේ බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩලය වෙත පවසා සිටියේ සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ අවස්ථාවක් දැන් උදාවී ඇති බවයි.
පසුගිය වසරේ ජූනි මාසයේදී පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතය බහුතර ජනතාව විසින් ප්‍රකාශයට පත්කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ට සිය ධුරය පවා අත්හැර දැමීමට සිදුවිය.
අගමැතිනී තෙරේසා මේ විසින් අත්සන් කරනලද නිල ලියවිල්ල යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ටිම් බැරොව් වෙත ලබාදීමෙන් අනතුරුව එය යුරෝපා සංගමයේ සභාපතිවරයා වෙත ඔහු විසින් භාරගෙනු ඇත.