බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල ඇඟලොමුදැහැ ගැන්වෙන විලාසිතා
කේට් මිඩ්ල්ටන් කුමරිය 2002 වසරේ මොස්තර නිරූපිකාවක ලෙස කලඑළි බැසීම එදා ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විලියම් කුමරුගේ හිත ඇය කෙරෙහි වඩාත් ඇදී යාමට හේතු වූ බව කියැවෙයි.
මේ ආකාරයෙන් ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලය පුණ්‍යධාර කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වන විලාසිතා දැක්ම මෙවරත් ඇඟලොමු දැහැගැන්වෙන විලාසිතා සමග කරළියට පැමිණියේ මෙසේය.
ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයට අරුමයක් නොවූ මේ විලාසිතා දැක්ම වසර 22ක් පුරා වාර්ෂිකව පැවැත්වෙන අතර, මෙවර විලාසිතා දැක්මේදී කේට් කුමරිය 19 හැවිරිදි තරුණියක ලෙස එදා විලියම් කුමරුගේ හිත සසල කළ විලාසිතාවද ඇතුළත් වීම විශේෂත්වයක් විය.
මෙවර විලාසිතා දැක්මෙන් ලැබෙන අරමුදල් පිළිකා පර්යේෂණය වෙනුවෙන් යෙදවීම අරමුණ බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

