මහා බ්‍රිතාන්‍යයේ බටහිර වේල්සය හා ඊසානදිග එංගලන්තයට බලපා ඇති අයහපත් කාලගුණය තවත් තීව්ර කරමින් පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බව පැවසෙයි.
එමෙන්ම, ගංවතුර තත්ත්වයන් හා අනතුරුදායක තත්ත්වයන් ඇති පළාත්වලින් ජනතාවට හැකි ඉක්මණින් ඉවත් වෙන ලෙස මරණීය අනතුරු ඇඟවීම්ද සිදුකර තිබේ.
කාලගුණ අංශ පෙන්වාදෙන පරදි මෙවැනි සුළං තත්ත්වයකදී ගස් කඩා වැටීම් හා විදුලිය ඇණහිටීම් ඇතිවිය හැකි බවද කියැවේ. එමෙන්ම, සුළං නිසා ඇතිවන දැඩි මුහුදු රළ හේතුවෙන් වෙරළාශ්රිතවද දැඩි හානි සිදුවිය හැකි බව අනතුරු අඟවා තිබේ.
මේ අතර දැනට පවතින ගංවතුර තත්ත්වය නිසා බර්ක්ෂයර්, සරේ සහ සමර්සෙට් ආශ්‍රිතව දරුණු ගංවතුර අනතුරු ඇඟවීම් 16ක් මේ වනවිටත් සිදුකර ඇති බව පැවසෙයි.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ ගංවතුර හේතුවෙන් නිවාස හා කුඩා ව්‍යාපාර හානියට පත්වූ පුද්ගලයන් වෙනුවෙන්, අලාභානි පියවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොපිරිහෙලා පිරිනැමීමට රජය කටයුතු කරන බවයි.