එංගලන්තය සහ වේල්සය තුළ අලුත උපන් බිළිඳුන්ට තබන නම් අතරින් ජනප්‍රිය නමක් වූ විලියම් පරදා මොහොමඩ් ඉදිරියට පැමිණ ඇති බව බී.බී.සී.ය කියයි.
එහිදී, 2016 වසර තුළ බිළිඳු දැරියන්ට තබන නම් අතරින් අමේලියා නම පරදා ඔලිවියා නමත්, බිළිඳු දරුවන්ට තබන නම් අතරින් හැරි නම පරදා ඔලිවර් නමත් වඩාත් ජනප්‍රියම නම බවට පත්ව තිබේ.
මෙම ජනප්‍රියම නම බ්‍රිතාන්‍ය දෙමවුපියන් සිය අලුත උපන් දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ලබාදුන් නම් මත පදනම්ව විදහා දැක්වෙන තත්ත්වයක් බව එරට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එංගලන්තය සහ වේල්සය තුළ මේ වසරේදීත් දරුවන් අතර ජනප්‍රියම නම ඔලිවර් වන නමුත්, ඊශානදිග එංගලන්තයේදී හැරී ඉහළම ජනප්‍රියත්වයක් උසුලන බවත්, ලන්ඩන් නුවර සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ මොහොමඩ් නම ජනප්‍රියම ළමා නම බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව, යෝර්ක්ෂයර්, ලන්ඩන් සහ මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශවල දැරියන් සඳහා තවමත් ජනප්‍රියම නම අමේලියා බවද කියැවේ.