නෙදර්ලන්තයේ සිට බ්‍රිතාන්‍යයට ආනයනය කරනලද බිත්තර ලක්ෂ 700,000ක පමණ කෘමිනාශකයක් වෙත නිරාවරණය වී ඇති බව අනාවරණය වී තිබේ.
මුලින් බිත්තර 21,000ක් පමණ මෙම කෘමි නාශකවලට නිරාවණය වීම පිළිබඳ වාර්තා වුවත්, එය ලක්ෂ ගණනක අගයක් බව මේ වනවිට සඳහන් වෙයි.
ආහාර තත්ත්ව පාලන ඒජන්සිය පවසන පරිදි බ්‍රිතාන්‍ය තුළ සාමාන්‍ය ජනතාව වසරකට ආහාරයට ගන්නා බිත්තර 0.007% ක ප්‍රමාණයක මෙවැනි ශරීරයට අහිතකර තත්ත්වයක් පිළිබඳ සැලකිල්ලට ගෙන තිබුණත්, සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වයට මින් හානියක් සිදුවිය නොහැකි බවයි.
කෙසේ වෙතත්, බිත්තර යොදාගෙන සැකසෙන ආහාර වර්ග 13ක් බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළෙඳ සැල්වලින් ඉවත්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, නෙදර්ලන්ත පොලීසිය විසින් මෙම කෘමි නාශකය යෙදූ බවට සැකකෙරෙන පුද්ගලන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
