බ්‍රෙක්සිට්වලින් පසුව මහා බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමය අතර සබඳතා තරකිරීම වෙනුවෙන් සුවිශේෂී විසඳුමක අවශ්‍යතාව පැනනැගී ඇතැයි අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරඩ්කාර් පවසයි.
උතුරු අයර්ලන්තය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර ද්වීපාර්ශ්වික ඒකාබද්ධතාවක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම, බ්‍රෙක්සිට් යනු වත්මන් පරපුරේ අභියෝගය ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් බ්‍රිතාන්‍ය රජයද පවසා ඇත්තේ යුරෝපා සංගමය සමග විශේෂ සහයෝගීතාවක් තමන් අපේක්ෂා කරන බවයි. නිදහස් වෙළෙඳ ගිවිසුම හා රේගු ගිවිසුම් ඒ අතර වන බවද බ්‍රිතාන්‍ය සිහිපත් කරයි.
එමෙන්ම, බ්‍රෙක්සිට් පිළිබඳව මහත් උනන්දුවෙන් කතාකළ අයට මේ වනවිටත් සැලසුමක් සකස් කිරීම සඳහා මාස 14ක කාලයක් ලැබී ඇති බවත්, ඒ කාලය තුළ මෙය සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත්, ඔවුන්ට නොහැකි බව ඔප්පු වන බවත් අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.