බ්‍රිතාන්‍යයේ නව රජයක් පිහිටුවීමට කන්සර්වේටිව් - DUP එකඟතාවක
බ්‍රිතාන්‍යයේ නව රජයක් පිහිටුවීම සඳහා කන්සර්වේටිව් හා DUP යන දේශපාලන පක්ෂ එකතුව එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට සති දෙකකට පමණ පෙර පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් හිමි නොවූ පරිසරයක කන්සර්වේටිව් පක්ෂය, උතුරු අයර්ලන්ත ප්රජාතන්ත්රවාදී එක්සත් පක්ෂය සමග මෙම ගිවිසුම්ගත ආණ්ඩුවට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමෙන් වත්මන් කන්සර්වේටිව් පක්ෂය වෙත සහාය ලබාදීම සඳහා උතුරු අයර්ලන්ත පක්ෂය වඩාත් සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව, ඉදිරි දෙවසර සඳහා අමතර ස්ටර්ලිං පවුම් බිලියනයක් උතුරු අයර්ලන්තය වෙත වෙන්කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදුවනු ඇත.
කෙසේ වෙතත්, මෙම එකඟත්වය සමග ඩී.යූ.පී. පක්ෂයේ ආසන 10ක සහාය කන්සර්වේටිව් පක්ෂයට හිමිවන අතර, එම පක්ෂයේ නායිකා අර්ලීනා ෆෝස්ටර් පවසා සිටියේ මහා බ්‍රිතාන්‍යයට මෙන්ම, උතුරු අයර්ලන්තයටද සුබවාදී වඩාත් පුළුල් පරාසයක එකඟත්වයකට පත්වීමට මේ හරහා හැකිවූ බවයි.
පිටු තුනකින් යුතු මෙම අවබෝධතා ගිවිසුම එළඹෙන වසර පහක ආණ්ඩුකාලය සඳහා වලංගු වන ලෙස සැකසූවක් බවද සඳහන් වේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

