බ්‍රිතාන්‍යයේදී දියේ ගිලී නැසුණු තරුණයන්ගේ අවමංගුල් ලන්ඩනයේදී
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි වෙරළ තීරයක දිය නාමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත දමිළ තරුණයන් පස්දෙනාගේ අවසන් කටයුතු ලන්ඩන් නුවරදී සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
කැම්බර් සෑන්ඩ් වෙරළේදී ජීවිතක්ෂයට පත්වූ මොවුන්ගෙන් එක් අයෙකු බ්‍රිතාන්‍යයේදීත්, තිදෙනෙකු මුලතිව් හිදීත්, තවත් අයෙකු යාපනයේදීත් උපත ලැබූවන් බව අනාවරණය වී තිබේ.
ඔවුන් බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිකරුවන් බවත්, ඉන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල සිසුන් බවත් අනාවරණය වී ඇත.
ඒ අනුව, මිය ගිය තරුණයන් පස්දෙනා කෙනුගන් සත්‍යානන්දන් (18), ගෝපිකාන්තන් සත්‍යානන්දන් (22), නිදර්ශන් රවි (22), ඉන්දුශාන් ශ්රීස්කන්ධරාජ (23) සහ ගුරුශාන්ත් ශ්රීතවරාජා (27) ලෙස බ්‍රිතාන්‍ය පොලීසිය විසින් හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් සත්‍යානන්දන් දෙපළ සහෝදරයන් බවද එම පොලීසිය කියයි.
මේ අතර, ඔවුන්ගේ මරණවලට පසුව එම ස්ථානයේ ජීවිතාරක්ෂකයන් රැඳවීමටද බ්‍රිතාන්‍ය එම නගර සභාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

