මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග රැඳී සිටිය යුතු බවත්, එය ඔවුන් සියලු දෙනාගේ යහපතට හේතු වනු ඇති බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසයි.
තවදුරටත් යුරෝපා සංගමය සමග රැඳී සිටින්නේද, නැද්ද යන්න විමසා බැලීම සඳහා එළැඹෙන 23 වැනිදා පැවැත්වෙන ජනමත විචාරණය පිළිබඳ අදහස් දක්වමින් මාර්කෙල් මෙසේ පවසයි.
එහිදී, යුරෝපා සංගමයේ රාජ්‍යයන්ට පිටස්තරයන් සමග සාකච්ඡාවට වඩා, ඔවුනොවුන් සමග සාකච්ඡාවෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් අත්පත් කරගත හැකි බවත් ඇය කියයි.
කෙසේ වෙතත්, මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමග තවදුරටත් රඳවා තබාගැනීමේ කැමැත්තක් ජර්මනියට තිබුණත්, එය මහා බ්‍රිතාන්‍යයේ කැමැත්ත නොවනු ඇති බවද දේශපාලන විචාරකයෝ පවසති.