බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවදානම උපරිම තත්ත්වයට ඔසවයි
මැන්චෙස්ටර් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත අවදානය ඉතා ඉහළම මට්ටමට ගෙන ඇති අතර, ජනයා ගැවසෙන සෑම ස්ථානයකම හමුදාව යොදවා ඇති ආකාරය දැකිය හැකිය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මෙන්ම, අගමැති නිල නිවස ඇතුළු ප්‍රධාන ස්ථාන හමුදා මුරපොළ ඇති කිරීමටද පියවර ගෙන ඇති අතර, ලන්ඩනය කේන්ද්‍ර කරගනිමින් පොලීසිය මෙන්ම හමුදාවද නිරන්තර මාර්ග සංචාරවල නිරත වෙමින් සිටින ආකාරයක් දැකිය හැකිය.
වඩාත් සාමකාමී වටපිටාවක් පැවති බ්‍රිතාන්‍යයේ සිදුව තිබෙන මෙම වෙනස්කම එරට ජනජීවිතයට දැඩිව බලපෑම් කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, බලධාරීන් පවසන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යය ඉස්ලාම් අන්තවාදීන්ගේ හා ත්රස්තයන්ගේ ප්රහාරයන්ට ගොදුරු වීමේ විශාල අවදානමකට නතුව ඇති බවයි. මේ තත්ත්වය තුළ රට පුරා ප්‍රධාන ආයතන, උත්සව වෙත විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුව ඇති බවද පෙන්වා දෙයි.
මේ අතර, ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මිනිස්ටර් මාලිගයද ආරක්ෂක අංශවල උපදෙස් පරිදි මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර ඇති අතර, එවැනි වැදගත් ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව යුද හමුදාවද ස්ථාන ගත කර තිබේ.
ඒ අනුව, ඊයේ වනවිට විශේෂ හමුදා කණ්ඩායම් ලන්ඩනය වෙත පැමිණෙන ආකාරය දැකිය හැකි වූ අතර, ඔවුන් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සමග එක්ව විශේෂ මෙහෙයුම් හා ආරක්ෂක වැඩපිළිවෙළ සිදුකරනු ඇති බව කියැවෙයි.
මැන්චෙස්ටර් එරීනා හි සංගීත ප්‍රසංගයට සහභාගී වූ තරුණ ප්‍රජාව ඉල්කක කළ මරාගෙන මැරෙන බෝම්බයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට අයත් විවිධ සමාජජාල මාධ්‍යයන් හි බ්‍රිතාන්‍ය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම් දැකිය හැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වයි.


.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

