ස්කොට්ලන්තයේ අග්‍රාමාත්‍ය හෙවත් ප්‍රථම අමාත්‍ය නිකොලා ස්ටර්ජෙන් බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට ස්කොට්ලන්තයට කටයුතු කිරීමට වරම් ඉල්ලා ඇති අවස්ථාවක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් බ්‍රික්සිට් සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, 2018 වසන්ත සහ 2019 ගිම්හාන කාලය අතර ස්කොට්ලන්තය ජනමත විචාරණයක් කරා ගෙනයාමට ප්‍රථම අමාත්‍යවරියට අවශ්‍යව ඇති බව පැහැදිලි වෙයි.
කෙසේ වෙතත්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය නිල වශයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තෙක් ඇගේ ඉල්ලීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් අවස්ථාවක් ලබා නොදෙනු ඇති බවට අනාවැකි පළ වන බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යාවජීව සාමිවරුන් විසින් බ්‍රික්සිට් පනත් කෙටුම්පතට එරෙහිව අදහස් පළ කළත් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් එය පැරදවීමට සමත් වූ අතර, මහ රැජිනගේ නිල මුද්‍රාවද පනත් කෙටුපතට ලැබීමෙන් එය නීතියක් බවට පත්වූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.