බ්‍රසීලයේ රියෝ වෙරළ තීරය හා සමගාමීව පාලමක් ලෙස ඉදිකර තිබූ යතුරුපැදි මංතීරුවක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අතුරුදන් වී ඇති බව කියයි.
බ්‍රසීල ඔලිම්පික් උලෙළට සමගාමීව රියෝ ද ජැනීරෝ නගරය අලංකාර කරමින් ඉදිකළ මෙම පාපැදි මංතීරුවේ කොටසක් හදිසියේ මුහුදට කඩා වැටී ඇති බව එරට මාධ්‍ය පවසයි.
මේ අතර, මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇතැම් වාර්තා පවසා සිටියත් එය තවමත් තහවුරු කර නැත.
මෙම නවතම පාපැදි මංතීරුව ආශ්‍රිතව කිසිදු ඔලිම්පික් තරගයක් සංවිධානය කර නොතිබුණත්, මෙය මෙම වසර මුලදී විවෘත කරනු ලැබුවේ නගරයේ අලංකාරය වැඩිකරනු පිණිසය.