බ්‍රසීල ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දුනීසියාවේදී මරණ දණ්ඩනයට යටත් කිරීම දෙරටේ සබඳතා පළුදු කරනු ඇති බව බ්‍රසීලය පවසයි.
මාකෝ ආචර් නමැති 53 හැවිරිදි පුද්ගලයා 2003 වසරේදී ඉන්දුනීසියානු අත්අඩංගවට පත්වූයේ කොකේන් කිලෝ ග්‍රෑම් 13.4ක් සමගිනි.
කෙසේ වෙතත් ඔහුට එරෙහි නඩු විභාගයෙන් පසුව මෙම පුද්ගලයා මරණ දණඩනයට නියම වී ඇති අතර, බ්‍රසීල ජාතිකයෙකුට සිය රටෙන් පිටදී මරණ දණ්ඩනයට නියම වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
මොහුට අමතරව, ඉන්දුනීසියානු, මලාවි, නයිජීරියා, වියට්නාම සහ නෙදර්ලන්ත ජාතිකයන් පස් දෙනෙකුද මෙසේ මරණ දණ්ඩනයට නියම වී ඇති බව වාර්තා වෙයි.