බ්රසල්ස් ප්රහාරයට පෙර තමන් ප්රංශයේ තවත් ප්රහාරයක් සඳහා සූදානමින් සිටි බව බෙල්ජියමේදී අත්අංඩගුවට පත් අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත සැකකරුවෙකු පවසා තිබේ.
බෙල්ජියම් නීතිපතිවරයා පෙන්වාදෙන පරිදි පසුගියදා අත්අඩංගුවට පත් මොහොමඩ් අබ්රිනි නමැත්තා මෙම පාපොච්චාරණය කර ඇත.
කෙසේ වෙතත්, සලේහ් අබ්දේස්ලාම් අත්අඩංගුවට පත්වීමත් සමග තම ඉලක්කය වෙනස් කරමින් බ්රසල්ස් නුවරට එල්ල කෙරුණු ප්රහාරය හදිසියේ සැලසුම් කළ බවත් ඔහු පවසා තිබේ.
මෙම අබ්රිනි බ්රසල්ස් ගුවන් තොටුපොළ ප්රහාරයට පැමිණි සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයා බවද ඔහුගේ පාපොච්චාරණයෙන් අනාවරණය වූ බවද නීතිපතිවරයා පවසයි.