බ්රසල්ස් හි ගුවන් තොටුපොළට හා මෙට්රෝ දුම්රිය ස්ථානය වෙත ප්රහාරයක් එල්ල කළ ජිහාඩ් ඉස්ලාම් අන්තවාදීන් බෙල්ජියම් අග්රාමාත්ය චාල්ස් මිෂෙල්ගේ කාර්යාලීය හා පෞද්ගලික පදිංචිය පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සොයා ඇති බව අනාවරණය වී තිබේ.
මෙම ප්රහාරකයන්ගේ පරිගණක පරීකෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, බොහෝ තොරතුරු මකා දමා තිබුණත්, ඒවා යළි ලබාගෙන පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙන බවත් එරටින් වාර්තා වෙයි.
එමෙන්ම, අගමැතිවරයාගේ කාර්යාලයේ සැලැස්ම මෙන්ම, මාර්ගයේ සිට බලන විට කාර්යාලය පෙනෙන ආකාරයේ ඡායාරූපද ඒ අතර පැවති බවට තහවුරු නොකළ තොරතුරුවලින් පැවසෙයි.
එමෙන්ම, මෙම පරිගණකවල තිබී ප්රහාරයට සම්බන්ධ වූ ජිහාඩ් අන්තවාදියෙකුගේ අවසන් පණිවුඩයද හමුවී ඇත.
තරමක් අපැහැදිලිව ලියා ඇති එම පණිවුඩයෙන් බ්රහීමි අල්-බක්රෝවි පවසා තමා පසුපස ලුහුබැඳීමක් හා තවදුරටත් ආරක්ෂාව නොමැති බවක් කියැවී ඇතැයි පැවසේ.