බ්රසල්ස් ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව සිටි එකම පුද්ගලයා වන ෆයිසල් චෙෆොවු නමැත්තාට එරෙහිව පවතින සාක්ෂි ප්රමාණවත් නොවන බැවින් ඔහු නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ප්රහාරය දියත් වීමට පෙර බ්රසල්ස් ගුවන් තොටුපොළේ සී.සී.ටී.වී. දසුනේ දැක්වුණු තුන්වැනි තැනැත්තා ඔහු ලෙස කලින් සඳහන් කෙරුණත් පසුව එම අදහස ඉවත් කෙරුණි.
පසුගිය සතියේදී බ්රසල්ස් ගුවන් තොටුපොළ හා මෙට්රෝ දුම්රිය ස්ථානය ඉලක්ක කරමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවෙන් පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට පත්ව තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
මෙම ප්රහාරයේ වගකීම අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය විසින් පසුව භාරගන්නා ලදී.