බටහිර ජර්මනියට බලපෑ කුණාටු සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මුදාගැනීමේ කණ්ඩායම් පෙන්වා දෙන පරිදි මින් තිදෙනෙකු මියගොස් ඇත්තේ වර්ෂාවෙන් බේරීම සඳහා රැඳී සිටි ආවරණයක් මතට ගසක් කඩා වැටීම නිසාය.
මේ අතර, ගස් කඩා වැටීමෙන් පාපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. හයවැනි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එසෙන් පළාතේ මාර්ග පිරිසුදු කරමින් සිටියදීය.
ජර්මනියට බලපෑ උණුසුම් කාලගුණික තත්ත්වය පහව යමින් මෙම කුණාටු සහිත වර්ෂාව ආරම්භ විය.
මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් පොදු ප්රවාහන කටයුතු බොහෝ දුරට ඇණ හිට ඇති බව කියැවෙයි.