බග්ස් බනී - ටොම් ඇන්ඩ් ජෙරී නිර්මාණකරු සමුගනී
බග්ස් බනී හෙවත් ශ්රී ලංකාව තුළ හා හා හරි හාවා යනුවෙන් ටයිටස් තොටවත්තයන් හඬ කැවූ කාටූන් චරිතයේ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් දිවියෙන් සමුගෙන තිබේ.
99 වසරක් ආයු වැළඳූ බොබ් ගිවන්ස් දශක හයක් ඉක්ම වූ වෘත්තීය කාටුන් සජීවිකරණ සිනමා ශිල්පියෙකු ලෙස ඩිස්නි, වොර්නර් බ්රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර ඇත.
මෙම අසහාය නිර්මාණකරුවා අතින් නිර්මාණය වූ ජනප්රිය සෙසු කාටූන් චරිත අතර ටොම් ඇන්ඩ් ජෙරී සහ ඩැෆී ඩක් යන නිර්මාණයන්ද වෙති.
ඩිස්නි සමාගමේ සේවයේ නිරත වෙමින් වර්ෂ 1937 දී ඩොනල්ඩ් ඩක් සහ ස්නෝ වයිට් යන කාටූන් චරිත සම්බන්ධයෙන් මුලින්ම ඔහු කටයුතු කර තිබූ අතර, පසුව 40 දශකය ආරම්භයේදී වෝර්නර් බ්රදර්ස් සමග එක්වෙමින් බග්ස් බනී චරිතය ප්රතිනිර්මාණය කිරීමත් සමග ඉමහත් ජනප්රියත්වයක් දිනාගනු ලැබීය.
මේ අතර, සිනමා කර්මාන්තය වෙත යළි පෝෂණය ලබාදීමට පෙර ඔහු දෙවැනි ලෝක යුද සමයේදී ඇමෙරිකාව වෙනුවෙන් සේවය කළ සුවිශේෂී යුද විරුවෙකු ලෙසින්ද පිදුම් ලබා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



